සඳුදා සිට පොලීසියෙන් අලුත් කටයුත්තක්

ප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජන ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව සදුදා (19) දිනයේ සිට බස්නාහිර පළාතෙන් නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ අපරාධ නිවාරණ පොලිස් රාජකාරියන් සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක හරහා සිදුකරවා ගැනීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ බවය.

මේ අනුව ඊයේ (16) පස්වරුවේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අදාළ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අඩංගු අත්පොත් ප්‍රදානය‍ කිරීම සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?