සඳුදා රට ඇරියොත් මෙරට ජනතාවට සිදුවන දෙයක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් අනතුරු අඟවයි!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය ලත් කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින් අනාවැකි පළ කර ඇත්තේ, සඳුදා (30) දින රට පුරා සිදු වූ අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු රටේ මරණ සංඛ්‍යාව 16,700 ක් දක්වා ඉහළ යා හැකි බවකි.

මේ දක්වා වසා දමා ඇති කාලය තුළ ආර්ථිකයට වූ බලපෑම ඩොලර් බිලියන 1.1ක් දක්වා හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3% ක් වූ බව ද එම වාර්තාවෙන් අනාවරණය කොට ඇත.

කෙසේ වෙතත්,මෙම අධ්‍යයනයෙන් පුරෝකථනය කර ඇත්තේ අගුලු දැමීම සැප්තැම්බර් 18 දක්වා දීර්ඝ කිරීමෙන් මරණ සංඛ්‍යාව 13,712ක් දක්වා අවම කර ගත හැකි බවත්, සිදුවිය හැකි ආර්ථික අලාභය ඩොලර් බිලියන 1.67 ක් බවය.

අගුලු දැමීම ඔක්තෝම්බර් 2 දක්වා දීර්ඝ කිරීමෙන් ඩොලර් බිලියන 2.2 ක ආර්ථික පාඩුවක් සිදු වන නමුත් මුළු මරණ සංඛ්‍යාව 10,400 දක්වා සීමා කර ගත හැකි බවද එමගින් අනාවරණය කොට තිබේ.

කොවිඩ් -19 නිරෝධායන ඇඳිරි නීතිය අගෝස්තු 30 දිනෙන් ඔබ්බට දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව රජය සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

2021 අගෝස්තු 26 දින වෙබිනර් මඟින් නිකුත් කරන ලද “ශ්‍රී ලංකාවේ මාර්ග සිතියමේ කොවිඩ් -19 වසංගතය සඳහා අවම කිරීමේ පියවර පිළිබඳ වසංගත රෝග විද්‍යාත්මක හා ආර්ථික අනාවැකි” වාර්තාවේ මෙම දත්ත අඩංගු වේ. මෙම පුරෝකතනය සිදු කර ඇති ජාත්‍යන්තර ප්‍රවීණ කණ්ඩායමට පැට්‍රික් ඩූහාන්, මැටියෝ පියානෙලා, ඩේවිඩ් ජේ. හව්, ජියෝවානි ෆෝර්චිනි, පීටර් සී.‍ ස්මිත් ඇතුළත්ව ඇත. ඔවුන් ගෝලීය බෝවන රෝග විශ්ලේෂණය සඳහා එම්ආර්සී මධ්‍යස්ථානය සහ ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසල නියෝජනය කරමින් ඊට සම්බන්ධ වී ඇත.

මෙම පුරෝකතනයට ශ්‍රී ලංකාවෙන් ආචාර්ය පාලිත අබේකෝන් (පහසුකම් සපයන්නා), ආචාර්ය නිහාල් අබේසිංහ, ආචාර්ය වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, ආචාර්ය රජීව ද සිල්වා, ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු, ආචාර්ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කාමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, ආචාර්ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය ලලිනි රාජපක්ෂ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්ම මහත්මීන්ද සහභාගී වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?