AFC Banner
AFC Banner
Empty Ad

සන්සුන් සැම්සන් ලෝක 20-20 පිටියේ වාර්තා අලුතින් ලියයි

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (15) පැවති සිව්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ශතකයක් වාර්තා කරමින්.

සංජු සැම්සන් එහිදී පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

සංජු සැම්සන් මෙම තරගාවලියේ පළමු තරගයේ දී ද ශතකයක් රැස්‌ කළ අතර,එය ඔහු මෙම වසර තුළ රැස්කළ දෙවන විස්සයි විස්ස ශතකයයි.

ඔහු මෙම වසරේ රැස්කළ පළමු ශතකය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට සමත් වුණා.

මේ අතර එංගලන්තයේ ෆිල් සෝල්ට් ගෙන් පසු ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී ශතක දෙකක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට සැම්සන්හා ඊයේ රැස්කළ ශතකයත් සමඟ හැකියව හිමිවීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග හතකින් සමන්විත විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ශතකයක් රැස්කළ සංජු සැම්සන් දෙවන සහ තුන්වන තරගවල දී බිංදුවට දැවී යාමද විශේෂත්යක්.

එලෙස ඉනිම් දෙකක පිට පිට ලකුණු නොලබා දැවීයාමෙන් පසුවයි මෙම ඉවසිලිවන්ත ක්‍රීඩකයා ඊයේ (15) මෙම විශිෂ්ඨ ශතකය රැස් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
1
+1
3
+1
2
+1
7
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?