spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සන්නද්ධ පිරිසක් පොලිස් ලොක්කගේ නිවස කොල්ලකයි

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ පදිංචි වැලිපැන්න නිවස ආයුධ සන්නද්ධ කල්ලියක් අද(03) දහවල් කොල්ලකා තිබෙනවා.

යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසනවා.

මේ අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරන්නේ.

කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?