සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පසුගිය 9 වනදා “ගෝඨා ගෝ ගම” සහ “මයිනා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.