spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්ත අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ වාර්තාකරුවන්ට වෙන දේ

පාර්ලිමේන්තු ‍ මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 23 වනදා සිදු කළ ප්‍රකාශය වාර්තා කළ සියලු වාර්තා කරුවන්ගෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ වාර්තා කළ අයවලුන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අද (22 ) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත් වරයා මෙලෙස අවසර ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව දෙරණ, ස්වාධීන, රුපවාහිනී, ස්වර්ණාවාහිනී,සිරස සහ හිරු නාලිකාවල එය පටිගත කළ වාර්තාකරුවන් සහ පක්ෂ කාර්යාලයේ පටිගත කළ පිරිස ගෙන් ප්‍රකාශ ගැනීමට මෙලෙස අවසර ලැබිණි.

මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සිදු කර ඇති ප්‍රකාශයට අදාළව විකාශය වූ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස එම ප්‍රකාශය විකාශය වූ පුද්ගලික නාලිකාවට ඉකුත් නඩු දින නියෝග නිකුත් කෙරිණි.

පෙර දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී දී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයේ අවසරය පරිදි අරගලයේ නිරත ක්‍රියාකාරීන් ඇප මත මුදා හැරීම ඇතුළු අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රකාශයක් සිදු කර ඇති බව අධිකරණයට දන්වා සිටි අතර ඊට අදාළව සිදු කරන විමර්ශනයට අදාළව සිදු කරන විමර්ශන සදහා මෙම නියෝග නිකුත් කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?