සතොස හාල් අද සිට වෙළඳපොළට

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම අද (18) ආරම්භ වුණා.

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ මූලිකත්වයෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී මෙය සිදුකෙරුනා.

මෙහිදී ‘සතොස’ නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ නාඩු සහ කැකුළු සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබනවා.

ඒ, අනුව සුදු කැකුළු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,100කට සහ නාඩු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,150ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සතොස ශාඛා ඔස්සේ මිලදී ගැනීමට හැකියාව අද සිට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
14
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?