සතොසට බාර්

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලුම සතොස වෙළෙඳසැල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සකසමින් පවතින බවයි වාර්තා වන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් පසු සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටළු උද්ගත වී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?