Empty Ad
AFC Banner
Empty Ad

සති පහකට පසු පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යෑමට සූදානමින්

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව යෑමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අවම වශයෙන් මාස දෙකක පමණ විවේකයක් උන්වහන්සේට අවශ්‍ය බවයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසා ඇත්තේ.

88 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ පෙබරවාරි 14 වන දින දරුණු ශ්වසන ආසාදනයකින් රෝහලට ඇතුළත් කළා.

පසුගිය සති පහක කාලය තුළ, පාප් වහන්සේගේ ජීවිතය අනතුරේ තිබූ බවයි උන්වහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා සිටියේ.

පාප් වහන්සේ සම්පූර්ණයෙන්ම සුව වී නැති නමුත් තවදුරටත් නියුමෝනියාව නොමැති අතර මේ වනවිට ස්ථාවර තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවසුවා.

රෝහලෙන් පිටව වතිකානුවේ උන්වහන්සේගේ නිවසට නැවත පැමිණීමට පෙර අද ජෙමෙලි රෝහලේ ජනේලයෙන් ආශිර්වාද කරනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?