AFC Banner
Empty Ad
Empty Ad

සජිත් හා නෝර්වේජියානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව ඊයේ (02) නෝර්වේජියානු තානාපති කාර්යාලයේ පැවති අතර ඒ සඳහා එහි සඳහා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ද ඇයව දැනුවත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තානාපතිවරියට පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?