සජිත් සහ ඩලස්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද එකාබද්ධ ප්‍රකාශයක් අද (19) සිදුකළා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවයි.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඩලස් අලහප්පෙරුම, රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වාදීම වෙනුවෙන් කැපවන බව එහිදී සඳහන් කළා.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බව සඳහන් කර සිටියා.

මෙම විශේෂ මාධ්‍ය හමුව අද (19) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59