spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ට එරෙහි ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට මැයි 22 දක්වා කාලය

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට අද කල් ලබා දුන්නා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු විසින් විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඒත් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැයි මස 22 වනදා දක්වා අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

පෙත්සම්කාර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය කියා සිටින්නේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට එම බලවේගය තුළ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

එහෙත් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයින් බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවරා තිබෙන බවත් පෙත්සම්කාරිය පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගය තුළ නිලතල දැරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?