Empty Ad
Empty Ad
AFC Banner

සජිත්ගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් උත්තර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අද (19) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් යොමු කර ඇති ලිපියේ අන්තර්ගතය වැරදි ලෙස වටහා ගැනීමක් සහ වැරදි අර්ථකථනයක් මේ හරහා ලබා දී ඇති බවයි මේ නිවේදනයේ දැක්වෙන්නේ.

අයි.සී.සීයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජකාරියට බැඳී සිටින අතර, අයි.සී.සීයේ සංගම් වගන්තිවල දක්වා ඇති සාමාජික වගකීම් පිළිපැදීමට බැඳී සිටින බවයි එම නිවේදනය මඟින් පවසන්නේ.

එවැනි බැඳීම් පිළිපැදීමේ දී ඇතිවන යම් අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රොෂාන් රණසිංහ පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම අනවශ්‍ය ඇඟිලි ගැසීම්සිදුවෙමින් පවන බව ද ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.

මෙම නිවේදනය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්තාවේ 2.4(d) වගන්තිය වෙත අවධානය යොමු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ යම්කිසි රටක ක්‍රිකට් පරිපාලන අධිකාරිය ස්වාධීනව කළමනාකරණය කර රජයේ (හෝ වෙනත්) පළපෑමක් නොමැති බව සහතික කළ යුතු බවට අවධාරනය කර ඇති බවයි.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රිකට් පරිපාලනය, නියාමනය සහ පරිපාලනය මෙහෙයුම් කටයුතු ඇතුළුව, කණ්ඩායම් තෝරා ගැනීම සහ කළමනාකරණය කිරීම සහ පුහුණුකරුවන් හෝ සහායක පිරිස් පත්කිරීමේ දී මහජන හෝ අර්ධ රාජ්‍ය ආයතන මැදිහත් වීම ද මේ හරහා වළක්වා ඇති බව එම නිවේදනයේ සඳහන්.

එම ලිපියේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු කළමනාකරණය කර ගැනීමේ දී අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම් ආයතනය දුෂ්කරතාවට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන ආයතනය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්තාවෙ 2.3 වගන්තියට අනුව එම ආයතනය විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය, කළමනාකරණය සහ සංවර්ධනය ද එයට පැවරී ඇති බව එම ලිපියේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නැවත නැවතත් මැදිහත්වීම් සිදු කරන පසුබිමක, ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අවධානයට යොමු කරන ලද ඉහත කී මැදිහත්වීම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පහත සඳහන් ක්‍රියාමාර්ග ගත් බව ද සඳහන්.

ඒ, අනුව 2022 නොවැම්බර් 25, ක්‍රීඩා අමාත්‍යවරයාගේ දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පළමු අනතුරු ඇඟවීමේ ලිපිය නිකුත් කර ඇති අතර 2023 අප්‍රේල් මාසයේ දී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම් සොයා බලා වාර්ථා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 3-පුද්ගල කමිටුවක් ද පත් කර තිබෙනවා.

මීට අමතරව 2023 මැයි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට අවසර දීමේ වැදගත්කම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වගන්ති 2.4(D) වගන්තියට අනුගත නොවීම නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව අදාළ පාර්ශවකරුවන් දැනුවත් කිරීමට බවත් මෙම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති කවාජාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකළ එම අනතුරු ඇඟවීම් ද නොතකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල 2.4(D) වගන්තිය උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පහත ක්‍රියාමාර්ග ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයේ සඳහන් වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අනතුරු ඇඟවීම් නොතකා 2023 සැප්තැම්බර් මාසයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා බලය පවරමින් පුද්ගලයින් තිදෙනෙකු පත් කල අතර, එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දේශපාලන මැදිහත්වීමක් ලෙස සලකා ප්‍රතික්ෂේප කරනු ලබුවේ තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම පිළිබඳව අමාත්‍යවරයාට තරයේ අවවාද ද නිකුත් කරමින්.

කෙසේ වෙතත් තත්වය එසේ තිබිය දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2023 ඔක්තෝබර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අනතුරු ඇඟවීම් නැවත වතාවක් නොසලකා හරිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රහස්‍ය ලේඛන රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කරනවා.

ඉන් පසු 2023 නොවැම්බර් මාසයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස ක්‍රිකට් අතුරු පාලනයක් පත් කළ අතර එම ගැසට් නිවේදනය සහ අතුරු කමිටුව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ තීන්දුවක් ලබා ගැනීමට යොමු වූ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැහැදිලිවම සහ නිශ්චිතවම අමාත්‍යවරයා විසින් පත් කරන ලද කිසිදු අතුරු කමිටුවක් තමන් විසින් පිළි නොගන්නා බවත් ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධතා ස්ථානය ලෙස පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි පරිදි තේරී පත් වූ නිලධාරී මණ්ඩලය පමනක් බවත් දන්වා තිබූ බවයි මේ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමජිකත්වය අත්හිටුවීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අඛණ්ඩ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් බවටයි මෙම නිවේදනය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් චෝදනා කරන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැනි ජාත්‍යන්තර ආයතන සමඟ අනුබද්ධ ක්‍රීඩා සංගම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සංකීර්ණතා සම්පූර්ණයෙන් වටහා නොගත හැකි අය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුකම්පා කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමට අවශ්‍ය ඕනෑම අයෙකුට පදනම් විරහිත චෝදනා කිරීමට පෙර කරුණු බුද්ධිමත්ව සලකා බලන ලෙසත් මෙම නිවේදනය හරහා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්..

Sri Lanka Cricket (SLC) strongly refutes the recent allegations made by the leadership of the SJB (Samagi Jana Balawegaya) in the parliament regarding the communication between SLC and the International Cricket Council (ICC). It is evident that there is a misapprehension and misinterpretation of the contents of the letter under reference, and the SLC is compelled to clarify its position on the said matter. SLC, as a Full Member of the ICC, is duty-bound and obliged to adhere to the member obligations envisaged in the articles of association of the ICC. In doing so SLC is further obliged to keep the ICC informed of any difficulty and/or difficulties of adhering to such obligations. With the appointment of Mr Roshan Ranasinghe as the Hon. Minister of Sports, SLC has been experiencing continuous undue interferences by the Hon. Minister in its governance and operational matters. SLC hereby draws attention to article 2.4(d) of the ICC Articles of Association which reads as follows; “2.4 (D) manage its affairs autonomously and ensure that there is no government (or other public or quasi-public body) interference in its governance, regulation and/or administration of Cricket in its Cricket Playing Country (including in operational matters, in the selection and management of teams, and in the appointment of coaches or support personnel)” The interferences by the Hon. Minister did make it difficult for SLC to manage its day- to-day affairs as envisaged in the said article, Compelling the SLC to bring such interferences to the attention of ICC as SLC could not honour its obligations to comply with the said requirements envisaged in the article 2.4(D) of the ICC Articles. SLC being the governing body of the sport of cricket in Sri Lanka, recognized by the ICC in terms of article 2.3 of the Articles of Association of the ICC is also entrusted with the administration, management and development of cricket in Sri Lanka. In the backdrop of repeated interferences by Mr. Roshan Ranasinghe Hon. Minister of Sports and the said interferences being brought to the attention of the ICC by SLC, the ICC did take the following actions as stated below.

November 25, 2022: ICC issued the first warning letter to SLC regarding political interference by the Sports Minister. April 2023: A 3-member committee, appointed by the ICC, to monitor and report back on the Political interferences of the Minister of Sports. May 2023: ICC Deputy Chairman Mr. Imran Khawaja visited Sri Lanka to inform the relevant stakeholders of the importance of permitting SLC to function autonomously and the possible repercussions of not adhering to article 2.4(D) of the Articles of Association of ICC

The SLC wish to state despite the said warnings and the ICC Deputy Chairman Mr. Khawaja’s visit to Sri Lanka the Hon. Minister of Sports did take the following actions in violation of the said Article 2.4(D).

September 2023: The Sports Minister appointed three individuals to administer SLC, leading to a refusal by the ICC to meet with political appointees and further the ICC categorically warned the Minister about interfering with the affairs of SLC. October 2023: The Sports Minister circulated internal information and confidential documents to the ICC, condemning SLC operations despite ICC November 2023: The Sports Minister arbitrarily appointed an Interim committee, leading to SLC obtaining a court ruling to suspend the Gazette notification and the interim Committee.

In response to the action of the Hon Minister the ICC had explicitly and categorically stated that it would not recognize any interim committees appointed by the Hon. Minister and The ICC would only recognize the duly elected office bearers of SLC as their point of contact as far as Sri Lanka is concerned. Therefore the suspension of SLC was a result of continues interferences by the Hon. Minister despite numerous warnings resulting in SLC not being able to adhere to article 2.4D in violation of said article and as stated it is quite evident that it was not a result of SLC’s communication which was misquoted and/or misapprehended by the Leader of SJB in the Parliament. SLC sympathizes with those who may not fully understand the intricacies of how sports associations affiliated with international bodies such as ICC function. We sincerely; request anyone who wants to be critical of SLC to diligently intelligently consider the facts prior to disseminating baseless accusations and statements lacking merit.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?