Empty Ad
AFC Banner
Empty Ad

සජබ විශේෂ තීරණයක් අද

සමගි ජන බලවේගයේ ඉතිරි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ; අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.

සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමි වු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවත් වාර්තා වනවා.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?