සජබෙ කවුරුත් පාතාලයට සම්බන්ධ නෑ – සම්බන්ධ නම් වහාම හෙළි කරන්න(වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂය කිසිදු ලෙසකින් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතාවක් නොමැති බව වගකීමකින් යුතු ව ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ (20) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමග සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් පිරිස් ද සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

එබැවින් රටට තවත් අසත්‍ය පැතිරවීම නොකර, සමගි ජන බලවේගය පක්ෂයේ නායකයා හෝ තනතුරු දරන හෝ නොදරන කිසියම් සාමාජිකයෙකු පාතාල කල්ලි සමග සම්බන්ධ යැයි කළ ප්‍රකාශයත්, ඊට සම්බන්ධ පිරිස කවුරුන් දැයි යන්නත් කරුණාකර හෙළිදරවු කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අභියෝග කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?