සජබයේ හතරක් වැඩබලන ජනපති හමුවීමට යයි – ප්‍රබල අමාත්‍යාංශ දෙකක් ගැන යෝජනාවක් ?

මේ වනවිට වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ හමුවීමට සමඟි ජනබලවේග නියෝජනය කරන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (17) දිනයේ දී මෙම හමුව සිදුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ හර්ෂණ රාජකරුණා එලෙස වැඩබලන ජනාධිපතිවරයා හමු වී සකච්ඡාකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රනිල් වික්‍රමසිංහ යටතේ ඉදිරියේ දී පිහිටුවනු ලබන ආණ්ඩුවක ප්‍රබල අමාත්‍ය ධුර දෙකක් මෙම සිව්දෙනා අතරින් දෙදෙනෙක් විසින් ඉල්ලා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඉල්ලා ඇති අමාත්‍යාංශ දෙක වන්නේ මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අදාල ඡන්ද විමසීම ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ දී සිදුකෙරෙනවා.

ඒ සඳහා මේ වනවිටත් අපේක්ෂකයින් සිව්දෙනෙක් තරග කරන බවට නිල වශයෙන් ප්‍රකාශකර අවසන්.

මේ වනවිට වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ, සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ හතරදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?