සජබයේ හතරක් වැඩබලන ජනපති හමුවීමට යයි – ප්‍රබල අමාත්‍යාංශ දෙකක් ගැන යෝජනාවක් ?

මේ වනවිට වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ හමුවීමට සමඟි ජනබලවේග නියෝජනය කරන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (17) දිනයේ දී මෙම හමුව සිදුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ හර්ෂණ රාජකරුණා එලෙස වැඩබලන ජනාධිපතිවරයා හමු වී සකච්ඡාකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රනිල් වික්‍රමසිංහ යටතේ ඉදිරියේ දී පිහිටුවනු ලබන ආණ්ඩුවක ප්‍රබල අමාත්‍ය ධුර දෙකක් මෙම සිව්දෙනා අතරින් දෙදෙනෙක් විසින් ඉල්ලා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඉල්ලා ඇති අමාත්‍යාංශ දෙක වන්නේ මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අදාල ඡන්ද විමසීම ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ දී සිදුකෙරෙනවා.

ඒ සඳහා මේ වනවිටත් අපේක්ෂකයින් සිව්දෙනෙක් තරග කරන බවට නිල වශයෙන් ප්‍රකාශකර අවසන්.

මේ වනවිට වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ, සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ හතරදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34