AFC Banner
AFC Banner
Empty Ad

සජබයේ පිරිසක් රනිල් හමුවෙන්න යයි (වීඩියෝ)

කඩුවෙල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ සභිකයන් ලෙස ක්‍රියා කළ පිරිසක් අද (10) එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණි සමගි ජන බලවේගයේ සභික පිරිස මෙහිදී සඳහන් කර සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය; අලියා ලකුණෙන් පෙරමුණක් ලෙස තරග වදින ලෙසයි.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට පත් තලතා අතුකෝරළ ද එක් වී සිටියා.

එහිදී මහලේකම්වරිය සඳහන් කර සිටියේ අලියා ලකුණ ඉදිරියට ගෙන ආ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
15
+1
0
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?