සජබයේ තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් තනතුරු අත්හරී

සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක ධුරයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සඳහන් කළේ ඊට අදාළ ලිපිය පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාරදුන් බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ද එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

මීට අමතරව සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරු පිරිසක් එම තනතුරින් ඉල්ලා අස් වුණා.

දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න, මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ, රත්තොට ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන්ද මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?