සජබයේ තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් තනතුරු අත්හරී

සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක ධුරයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සඳහන් කළේ ඊට අදාළ ලිපිය පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාරදුන් බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ද එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

මීට අමතරව සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරු පිරිසක් එම තනතුරින් ඉල්ලා අස් වුණා.

දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න, මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ, රත්තොට ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන්ද මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58