සචිත්‍රට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට නීතිපති ඉපදෙස්

ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඒ, 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව දන්වමින්.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් අමතමින් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චොදනා එල්ල වී තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සචිත්‍රට එරෙහි විමර්ශන ආරම්භ කරනු ලැබුවේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා විසින් ලංකා ක්‍රිකට් වංචා හා දූෂණ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් අනතරුවයි.

කෙසේ වෙතත් පරීක්ෂණ වලට පෙනිසිටි සචිත්‍ර සේනානායක ඊ⁣ට අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේ තමන්ට අපහාස කිරීම⁣ට ගත් උත්සහයක් බව පවසමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30