සඟවාගෙන සිටි පෙට්‍රල් ලීටර් 95ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ඉතා සූක්ෂම ලෙස නිවසක සඟවාගෙන සිටි ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් ඊයේ (29) සවස ඌව කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගිපුර, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදී කාන්තාවක්.

අදාළ කාන්තාව විසින් නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීම නිවසේ කාමරයක් තුළ කාඩ්බෝඩ් පෙට්ටිවල අතුරා සඟවා තිබූ තිබූ පෙට්‍රල් ලීටර් 95ක්, ඩීසල් ලීටර් 78ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩි මිලට විකිණීමේ අරමුණෙන් යුතුව මෙම කාන්තාව මෙම ඉන්ධනත් තොග රැස්කර රැස් කර සඟවා තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාවක් අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාවය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !