සංවිධානාත්මක අපරාධ කල්ලි තාක්ෂණය අවභාවිත කරමින් සිදුකරන තැනැත්තන් වෙළෙඳාමේ ප්‍රවණතාවක් – ආරක්ෂක ලේකම්

ලෝක තැනැත්තන් වෙළෙඳාමට එරෙහි දිනය නිමිති කරගනිමින්, “ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාම මර්දනය කිරීම සහ වැළැක්වීම” තේමාව කරගත් ජාතික සමුළුව ඊයේ (31) කොළඹ දී පැවැත් වුණා.

ජාතික තැනැත්තන් වෙළෙඳාමට එරෙහි කාර්ය සාධක බලකාය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික තැනැත්තන් වෙළෙඳාමට එරෙහි කාර්ය සාධක බලකායේ සභාපති, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා එක්ව සිටියා.

සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ වින්දිතයන්ගේ, ආත්ම ගෞරවය සුරැකීමටත්, අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික යාන්ත්‍රණය සක්‍රීය කිරීමටත්, ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

මෙවර ලෝක තැනත්තන් වෙළෙඳාමට එරෙහි දිනයේ ගෝලීය තේමාව වන “Trapped Behind the Scam” කෙරෙහි අවධානය යොමු කළ ලේකම්වරයා, සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් තාක්ෂණය අවභාවිත කරමින් ව්‍යාජ රැකියා අවස්ථා මගින් පුද්ගලයන් මුළා කොට, ඔවුන් සයිබර් වංචා ඇතුළු විවිධ ශ්‍රම සූරාකෑම්වලට බලහත්කාරයෙන් යොදවා ගැනීමේ ශීඝ්‍ර ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන්නා.

තවද, තැනැත්තන් වෙළෙඳාම යනු සයිබර් අපරාධ, මුදල් විශුද්ධිකරණය සහ අනෙකුත් නීති විරෝධී කටයුතු සමඟ සමීපව බැඳුණු ජාත්‍යන්තර අපරාධයක් බවට පත්ව ඇති බැවින්, ඒ සඳහා සමගාමී හා ඒකාබද්ධ ජාතික ප්‍රවේශයක ඇති අත්‍යවශ්‍යතාව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

තැනැත්තන් වෙළෙඳාම මර්දනය කිරීම උදෙසා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාව, කඩිනම් තොරතුරු හුවමාරුව, වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය විමර්ශන පුළුල් කිරීම මෙන්ම, මානව හිමිකම් සුරකිමින් තාක්‍ෂණය වගකීම් සහගත ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම සමුළුවේ සාකච්ඡා වූ කරුණු ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත්කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු, තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීමටත්, වින්දිතයන් ආරක්‍ෂා කිරීමටත්, වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06