සංවිධානාත්මක අපරාධකරුවන් සමග මිත්‍රකම් පැවැත්වූ දෙදෙනකු ව්‍යාජ අංක තහඩු සමග අත්අඩංගුවට

අප්‍රේල් මස 19 වැනි දින ගම්පහ පොලිස් වසමේ වතුමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කර T56 ගිනිඅවි දෙකක්, එම පතොරම් 118ක්, එම පතොරම් ගැබ් තුනක්, වෑන් රථයක්, කාර් රථයක් හා ත්‍රීරෝද රථයක් ද සමග සැකකරුවන් හය දෙනෙකු සහ අපරාධයට සැලකපිට තවත් සැකකරුවන් දෙදෙනකු වශයෙන් සැකකරුවන් අට දෙනෙකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඉහත ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයක දී ත්‍රීරෝද රථය අලුත්වැඩිය කිරීමට ලබා දී තිබූ සීදුව පොලිස් වසමේ 18 කණුව ප්‍රදේශයේ පිහිටි ගරාජයක් පරීක්ෂා කර අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි තවත් ත්‍රීරෝද රථයක් සමග ගරාජයේ හිමිකරු ඊයේ (20) අත්අඩංගුවට ගත් බවයි.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 වන ලියනගේමුල්ල – සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ත්‍රීරෝද රථ දෙකම දැනට විදේශගතව සිටින පුද්ගලයෙකු විසින් අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයට භාර දී තිබෙනවා.

ගරාජයේ තිබී සොයාගත් ත්‍රීරෝද හිමිකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මෙය රාගම – තේවත්ත අසල දී සොරකම් කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අත් අඩංගුවට ගන්නා ලද ජීව උණ්ඩ සැකකරුවන් වෙත ලබා දුන් බවට සැක කෙරෙන පුද්ගල‍යාගේ ගල්පොත්ත ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී ව්‍යාජ ව සකස් කරන ලද වාහන අංක තහඩු 06ක් සහ එම අංකවලට අදාළ රක්ෂණ සහතික හා ආදායම් බලපත්‍ර සමග සැකකරු ඊයේ දහවල් කාලයේ දී විශේෂ කාර්‍යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී ජංගම දූරකථන 04ක් හා මත් කරල 05ක් ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි ගල්පොත්ත – උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමු කෙරුණු බව‍යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?