සංවිධානත්මක අන්තවාදීන් පිරිසක් මිරිහානේ දී ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළා – ජනාධිපති මාධ්‍ය අංශය

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇත.ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා තිබේ.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:30
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55


?