AFC Banner
Empty Ad
Empty Ad

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කර ගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද (12) දින එම නඩු සමථයකට පත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.

එහිදී එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කළ ගරු අධිකරණය දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි දන්වා තිබෙන්නේ.

ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත්, අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන තිබෙනවා.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි සහ නීතිඥ ඩී. එස්. රත්නායක පෙනි සිටි අතර
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියා.

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?