සංවර්ධන නිලධාරීන් අද 08 වන දිනටත් විරෝධතාවයේ – හෙට ජනපති සමඟ සාකච්ඡාවක්

සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවය අද (02) අඛණ්ඩව අටවන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර විරෝධතාවයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාව හෙට (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයට පෙනී නොසිට තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් මෙම විරෝධතාව පසුගිය 26 වනදා ආරම්භ කළා.

එලෙස ආරම්භ කළ විරෝධතාවය, සාමාජිකයින් පිරිසක් විසින් අඛණ්ඩ උපවාසයක් දක්වා ක්‍රියාත්මක කිරීම අරඹනු ලැබුවා.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (31) දිනයේ පැමිණියා.

මේ අතර උපවාසයේ නිරත විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබූ බැවින්, පසුව ඔවුන් රෝහල්ගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53