සංජු සැම්සන්ගෙන් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර 20-20 පිටියේ ඉන්දියාව වෙනුවෙන් දෙවන වේගවත්ම ශතකය රැස්කළ පිතිකරුවා බවට පත් වන්නට සංජු සැම්සන්ට අද (12) හැකියාව ලැබුණා.

සංචාරක බංගලාදේශය සමඟ හයිද්‍රාබාද් හිදී මේ වනවිට පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

සංජු සැම්සන් මෙම ශතකය වාර්තා කළේ පන්දු 40 කට මුහුණ දෙමින්.

මීට පෙර ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි විස්ස ශතකය රෝහිත් ශර්මා පන්දු 35ක් තුළ වාර්තාකර තිබෙනවා.

සංජු සැම්සන් මෙම තරගයේ දී පන්දු 22කදී සිය අර්ධ ශතකය සම්පුර්ණ කළ අතර, ශතකයට අවශ්‍ය ඉතිරි ලකුණු 50 රැස් කිරීමට ඔහු වැය කළේ පන්දු 18ක් පමණයි.

මේ අතර සංජු සැම්සන් අද දිනයේ බංගලාදේශයට එරෙහිව රැස්කළ ශතකය වාර්තා අතරට එක්වනේ ජාත්‍යන්තර 20-20 පිටියේ වාර්තා වූ 12 වන වේගවත්ම ශතකය ලෙසටයි.

සංජු සැම්සන් මෙම තරගයේ දී පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 111ක් රැස්කළ අතර, ඔහුගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

මෙහිදී රිෂාඩ් හොසේන් යැවූ ඉන්දීය ඉනිමේ 10 වන පන්දුවාරයට පිට පිට හයේ පහර 05ක් එල්ල කිරීමට ද සැම්සන් සමත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
4
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40


?