සංජීවනී වීරසිංහගෙන් ආන්දෝලනාත්මක කතාවක්

කාගෙත් ආදරය දිනාගෙන සිටින, ගායන ශිල්පිනියක් සේම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන සංජීවනී වීරසිංහට පසුගිය දිනෙක ලොස්ඇන්ජලීස් හිදී යම් සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණා. එහි වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. ඊයේ දිනයේ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් ඇය මුහුණු පොතේ සටහනක් පළකිරීමක් කර තිබුණා.

මගේ ආදරණීය මිතුරන් හැම දෙනාටම හිත පුරා ආදරෙන් සාමකාමී , බලාපොරොත්තු ඵලදරන ,වාසනාවන්ත අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි…
පසුගියදා ජනතාවගේ දුක්ගිණි නිවන සැබෑ අරගලය පසෙක තිබියදී, අරගලය පෞද්ගලික වෛරය/ ක්‍රෝදය/ ඉරිසියා,කුහකකමි සන්තර්පනය කරගැනීමකට යොදාගන්නා සැබෑවටම මන්ද මානසික තත්වයක් පෙන්නුමි කරනා ඊනියා ලාංකිකයන් පිරිසක් විසින් මා මූලික කරගෙන කරන ලද විකෘති කල වීඩියෝ අරගලයෙන් පසු නිමක් නොවනා දුරකථන ඇමතුමි දෙමින් මා දිරිමත් කල මගේම ආදරණීයන්ට විශේෂයෙන්ම මේ අවුරුද්ද සුභ/ සුව වෙිවා කියා පතමි. ඒ සැමටම වඩා අද වනවිට ජීවිතයේ බොහෝ කළකිරීමිවලට ලක්වී, නිදහසේ ජීවත්වීමට අවැසි අවම අවශ්‍යතාවයන්ද නොමැතිව සැබැවින්ම අසරණ වී ඇති මගේම ආදරණීය ශ්‍රී ලාංකික සොයුරු සොයුරියන්ට, වැඩිහිටි- දූ දරු ඔබ සැමට වත්මනේ ඇති අඳුරු වළාවන් පහවී …සොමිනස් සිතුවිලි උදාවී…අගහිඟ/අසීරුතා මඟහැරෙන ,බලාපොරොත්තු ඉටුවන අවුරුද්දක් උදාවෙිවා කියා පතමි. පෞද්ගලිකව මා හට සැබැවින්ම දියෙන් කිරි වෙන්කර හඳුනාගන්නවා සේ ,මිනිසුන්ගේ ආදරණීය සහ අමනුස්ස ස්වභාවයන් හඳුනාගැනීමට මේ අළුත් අවුරුද්දේ ඉඩ සැළසීම ගැන බෙහෙවින් සතුටු වෙමි…. ඔබ සැමට ආවඩා ආයු බොහෝ වන…. රැල්ලේ අරගලය වෙනුවට සැබෑ ජනතා අරගලය ජයගන්න…. ආදරණීය සිත් තුල සතුට ,සොමිනස පිරෙන වාතාවරණයක් ඉක්මනින්ම උදාවෙිවා යන්න ඔබ වෙනුවෙන් මගේ අවුරුදු පැතුමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?