සංචාරක වීසා අරන් ජොබ් කරන්න යන්නේ බලාගෙනයි

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමේ ජාවාරම වැලැක්වීමට විශේෂ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් මෙම විශේෂ විමර්ශන ක්‍රියාවලිය සිදු කෙරෙනවා.

සංචාරක වීසා ලබාගෙන විදේශ ගතවී රැකියා ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් නොයෙක් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.සංචාරක වීසා ලබාගෙන රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා දායකත්වය ලබාදෙන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?