සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික මූලධර්මයන් හතරක් ඔස්සේයි – ජනපති (වීඩියෝ)

සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මූලික මූලධර්මයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවයට අද (03) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් මූලික මූලධර්මයන් හතරක් මත සිට රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මෙරට තුළ පවතින වසර 2500 වඩා දිගු ශිෂ්ඨාචාරය, මෙරට තුළ පවතින සොබාව සෞන්දර්ය, ආගන්තුක සත්කාර සහ වනජීවී කලාප හා සතුන් යන මූලික මූලධර්මයන් හතර මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය යොදාගනු ලබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය සැප්තැම්බර් 30 වන දින ලිපියක් නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?