සංචාරකයින් 1,972,957ක් දිවයිනට – මුල් මාස 10 තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 2,600 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස දහය තුළ සමස්ත සංචාරක ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පසුගිය 2024 වසරේ මුල් වසර දහයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණයට වඩා 4.9%ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කළේ.

මේ අතර මහ බැංකුව පැවසුවේ ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් බවයි.

2025 ජනවාරි මාසයේ සිට නොවැම්බර් 12 දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අතර නොවැම්බර් මාසයේ මුල් දින 12 තුළ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් පැමිණ ඇති බව ද එම අධිකාරිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?