සංචාරකයින් 131,898ක් මෙම වසරේ මුල් දින 15ට ලංකාවට ඇවිත්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ජනවාරි මාසයේ මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 131,898ක් පැමිණ තිබෙනවා.

ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර, ඒ අනුව සංචාරකයින් 23,786ක් එරටින් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

මෙම වසරේ මුල් දින 15ක කාලය තුළ රුසියාව සංචාරකයින් 14,785ක්, එක්සත් රාජධානිය සංචාරකයින් 12,166ක් දිවයිනට පැමිණ තිබෙනවා.

ජර්මනියෙන් සංචාරකයින් පැමිණීම පළමු දින 15 තුළ 9,260ක් වන අතර, ප්‍රංශය සංචාරකයින් 6,252ක් මෙම කාලය තුළ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සංචාරකයින් 6,251ක් ඕස්ට්‍රේලියාවෙන්, චීනයෙන් 5,188ක්, පෝලන්තයෙන් සංචාරකයින් 4,804ක්, එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,700ක් සහ නෙදර්ලන්තය සංචරලයින් 3,657ක් පළමු දින 15 තුළ මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?