Empty Ad
AFC Banner
Empty Ad

සංචරණ සීමා වෙනසක්! විවාහ කටයුතුවලට අවසර හිමිවන හැටි

මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

එමෙන්ම ඒ අනුව මනාලයාගේ හා මනාලියගේ දෙමව්පියන්ටද අවසර හිමිවනු ඇති.

මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට මේ බව සනාථ කිරීමකින් පසු ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් අජිත් රෝහණ මහතා පවසන්නේ.

“අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ට ද එක් පළාතකට යෑමේ හැකියාවක් තියෙනවා.” යැයි අජිත් රෝහණ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?