සංගීත සාජ්ජය අවසානයේ ගැටුමින් පොළිස් කොස්තාපල් රෝහලේ

පාදුක්ක මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීතයක් අතරතුරදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ පපුවට පිහියකින් ඇන බරපතළ තුවාල කර ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රියේ මෙලෙස තුවාල ලබා ඇත්තේ පාදුක්ක පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන  (92513) මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.

බරපතළ තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් උල් පිහියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මහජන ක්‍රීඩාංගනයට මඳක් දුරින් පිහිටි රථගාල තුළදී සංගීතය නරඹා පිටවී යමින් සිටි කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරීම හේතුවෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

පසුව එය සමතයකට පත්කිරීම සඳහා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අතර සිටි කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ සිටි අයෙක් පිහියකින් ඇන ඇතැයි පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

පිහි ප්‍රහාරය කොස්තාපල්වරයාගේ පපුවේ දකුණු පසට එල්ල වී ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබු කොස්තාපල්වරයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක බෝපේ සහ අරකාවිල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,  පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?