2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.
2008 අයි.පී.එල් ශූරයන් අද සිය නිල එක්ස් ගිණුමේ සටහනක් මගින් මෙම පියවර නිවේදනය කළේ රජිනිකාන්ත්ගේ ජේලර් චිත්‍රපටයේ ගීතයකට නිර්මාණය කළ කෙටි වීඩියෝවක් ද සමඟින්.
මෙම කෙටි වීඩියෝවට මේ වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුරා රසිකයන්ගෙන් පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.
මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත්වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව පැවතියා.
සංගක්කාර 2021 වසරේ සිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.





