ෂෙයික් හසීනාට මරණ දඬුවම – හසීනා තීන්දුව දැඩි ලෙස හෙළාදකී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියමකර තිබෙනවා.

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇයට මෙම දඬුවම නියම කෙරුණා.

වසර 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල රජයක් පිහිටුවා නැහැ.

බලයෙන් පහකිරීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති ෂෙයික් හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වනු ලැබුවේ ඇය නොමැතිවයි.

මේ අතර ඩකා අධිකරණය ලබාදුන් නඩු තීන්දුව හිටපු අගමැතිනි හසීනා, පක්ෂග්‍රාහී සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත තීන්දුවක් ලෙස හෙළා දැක තිබෙනවා.

මරණ දඬුවම යනු “අවාමි ලීගය දේශපාලන බලවේගයක් ලෙස අහෝසි කිරීමේ” අන්තර්කාලීන රජයේ ක්‍රමය බව ඇය තීන්දුවෙන් පසු නිකුත් කළ ප්‍රකාශයක සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34