බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම නියමකර තිබෙනවා.
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඇයට මෙම දඬුවම නියම කෙරුණා.
වසර 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල රජයක් පිහිටුවා නැහැ.
බලයෙන් පහකිරීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් ඇති ෂෙයික් හසීනාට එරෙහිව නඩු විභාගය පවත්වනු ලැබුවේ ඇය නොමැතිවයි.
මේ අතර ඩකා අධිකරණය ලබාදුන් නඩු තීන්දුව හිටපු අගමැතිනි හසීනා, පක්ෂග්‍රාහී සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත තීන්දුවක් ලෙස හෙළා දැක තිබෙනවා.
මරණ දඬුවම යනු “අවාමි ලීගය දේශපාලන බලවේගයක් ලෙස අහෝසි කිරීමේ” අන්තර්කාලීන රජයේ ක්‍රමය බව ඇය තීන්දුවෙන් පසු නිකුත් කළ ප්‍රකාශයක සඳහන්.















