චීන ජනාධිපති ෂී ජින්පිං, එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
එක්සත් ජනපදයේ තහනම් කිරීමට සැරසෙන ටික්ටෝක් සමාජ මාධ්‍ය යෙදුම සම්බන්ධයෙන් මෙහිදී නායකයින් දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම ඇමතුම චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයට ඉතා හොඳ ඇමතුමක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම දුරකථන සාකච්ඡාව පිළිබඳව චීනය වාර්තා පළ කළත්, ටික්ටෝක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් කළ බවට තොරතුරු වාර්තාකර තිබුණේ නැහැ.
ඇමරිකානුවන් මිලියන 170 කට අධික සංඛ්‍යාවක් විසින් භාවිත කරන ටික්ටෝක් සමාජ මාධ්‍ය යෙදුම හෙට දිනයේ සිට තහනම් කිරීමේ නීතියක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (17) තහවුරු කළා.
ට්‍රම්ප් ටික්ටොක් සඳහා සහයෝගය ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ පරිපාලනය නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරනවා.
මේ අතර සඳුදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වන ලෙස මෙහිදී ෂී ජින්පිං ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර, චීනයේ විදේශ අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ උප ජනාධිපති හැන් ෂෙන්ග් ෂීගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන බවයි.