“ෂී ජින්පිං – චීන පාලන තන්ත්‍රය” ග්‍රන්ථයේ 05 වන වෙළුම ශ්‍රී ලංකාවට

“ෂී ජින්පිං – චීන පාලනතන්ත්‍රය” ග්‍රන්ථයේ 05 වන වෙළුම එළි දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි.

ශ්‍රී ලංකා කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංස්කෘතික හා සදාචාරාත්මක ප්‍රවර්ධනය මෙහෙයවීම පිළිබඳ ප්‍රධානියා, ශ්‍රී ලංකා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ඊට එක්ව සිටියා.

නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිංගේ චින්තනයේ නවතම න්‍යායාත්මක සහ ප්‍රායෝගික ජයග්‍රහණ පුළුල් ව, ක්‍රමවත් ව ඉදිරිපත් කිරීමට මෙම ග්‍රන්ථය ඉවහල් වන බව එම උත්සවයේදී රැස්ව සිටි පිරිස සඳහන් කළා.

චීනය නවීකරණය කරා ගිය ගමනේ න්‍යාය සහ භාවිතය මෙම කෘතියෙහි මැනවින් ඉදිරිපත් කර තිබෙනවා.

චීනයේ ආණ්ඩුකරණය, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ, නවෝත්පාදන සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ දැක්ම මෙම ග්‍රන්ථය මගින් සැපයීම විශේෂත්වයකි. පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය තුළින්, ලෝකය සමඟ සංවර්ධන අවස්ථා හුවමාරු කර ගනිමින් ගෝලීය සමෘද්ධියට දායක වීමට චීනය දැඩිව උත්සාහ කර තිබෙනවා.

“එක් තීරයක්, එක් මාවතක්” ‍යන මුලපිරුම උසස් ගුණත්වයෙන් යුතු සංවර්ධනයේ නව අදියරකට පිවිසීමේදී, ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් මෙන්ම පොදු ජයග්‍රහණ සහිත ව චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න එහිදී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21