ශුබ්මන් ගිල් ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ තම නමින් අලුතින් ම ලියයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලිවීමට වත්මන් ඉන්දීය ටෙස්ට් නායක ශුබ්මන් ගිල් සමත් වුණා.

ඒ එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී වාර්තාගත ලකුණු 269ක් වාර්තා කරමින්.

ගිල් ඊයේ දිනයේ දී සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ කුළුඳුල් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ගිල් මීට පෙර ලබා තිබූ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූයේ 147ක්.

තරග 34කට ක්‍රීඩා කර ඇති ගිල් ඊයේ දිනයේ දී ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයින් විසින් ලබාගනු ලැබූ ටෙස්ට් ද්විත්ව ශතකයේ වාර්තාව පසුකර ගියා.

ඒ මීට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙහෙයවූ නායකයෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 264යි.

ඒ 2014/2015 කාලවකවානුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නායක රෝහිත් ෂර්මාගේ විශිෂ්ට ඉනිමයි.

එම ඉනිම ද පසුකර යමින් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව වෙනුවෙන් ලියූ වැඩිම ටෙස්ට් ලකුණට හිමිකම් කීමට ගිල් ඊයේ සමත් වුණා.

මේ අතර එක්දින හා ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය යන ද්විත්වයෙහිම ද්විත්ව ශතකලාභී පස්වැනි ක්‍රීඩකයා ලෙසට ද ගිල් ඉතිහාසගත වුණා.

ගිල් දැවී යන විට පන්දු 387ක දී හතරේ පහර 30ක් සහ හයේ පහර 03ක් සමග ලබා සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.

ගිල් දැවී ගියේ ටන්ග් යොමු කළ පන්දුවක් හමුවේයි.

එංගලන්තය හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම අරඹා ඇති සත්කාරක එංගලන්තය කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 77ක් ලබා සිටිනවා.

තරගය පැවැත්වෙන්න්නේ බර්මින්ග්හැම්හි දීයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තය සතු වුණා.

කඩුලු බිඳ දැමීමේ දී අකාෂ් ඩීප් කඩුලු දෙකක් හා මොහොමඩ් සිරාජ් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
3
+1
35
+1
15
+1
8
+1
8
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20
Video thumbnail
රාජාංගන ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
00:37
Video thumbnail
ත්‍රීවීල් හිමියන් කුපිත වී රෙදි ගැ#වෙන්නම දෙසයි.."ගණන් අඩුයි නෙවෙයි යකෝ හිඟන ගණන් තියෙන්නේ"
08:14


?