ශුබ්මන් ගිල් ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ තම නමින් අලුතින් ම ලියයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලිවීමට වත්මන් ඉන්දීය ටෙස්ට් නායක ශුබ්මන් ගිල් සමත් වුණා.

ඒ එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී වාර්තාගත ලකුණු 269ක් වාර්තා කරමින්.

ගිල් ඊයේ දිනයේ දී සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ කුළුඳුල් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ගිල් මීට පෙර ලබා තිබූ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූයේ 147ක්.

තරග 34කට ක්‍රීඩා කර ඇති ගිල් ඊයේ දිනයේ දී ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයින් විසින් ලබාගනු ලැබූ ටෙස්ට් ද්විත්ව ශතකයේ වාර්තාව පසුකර ගියා.

ඒ මීට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙහෙයවූ නායකයෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 264යි.

ඒ 2014/2015 කාලවකවානුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නායක රෝහිත් ෂර්මාගේ විශිෂ්ට ඉනිමයි.

එම ඉනිම ද පසුකර යමින් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව වෙනුවෙන් ලියූ වැඩිම ටෙස්ට් ලකුණට හිමිකම් කීමට ගිල් ඊයේ සමත් වුණා.

මේ අතර එක්දින හා ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය යන ද්විත්වයෙහිම ද්විත්ව ශතකලාභී පස්වැනි ක්‍රීඩකයා ලෙසට ද ගිල් ඉතිහාසගත වුණා.

ගිල් දැවී යන විට පන්දු 387ක දී හතරේ පහර 30ක් සහ හයේ පහර 03ක් සමග ලබා සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.

ගිල් දැවී ගියේ ටන්ග් යොමු කළ පන්දුවක් හමුවේයි.

එංගලන්තය හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පළමු ඉනිම අරඹා ඇති සත්කාරක එංගලන්තය කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 77ක් ලබා සිටිනවා.

තරගය පැවැත්වෙන්න්නේ බර්මින්ග්හැම්හි දීයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තය සතු වුණා.

කඩුලු බිඳ දැමීමේ දී අකාෂ් ඩීප් කඩුලු දෙකක් හා මොහොමඩ් සිරාජ් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
3
+1
35
+1
15
+1
8
+1
8
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34