ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍‍්‍රිකට් ශේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 79 ක් ලබා සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 34 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9 කින්. පළමු ඉනිමේ දී ලකුණු 85 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 25 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහුට පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 38 වන ස්ථානය හිමිව තිබෙනවා. 

දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා 60 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින්. ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණි විශ්ව ප‍්‍රනාන්දු එම සටහනේ 45 වන ස්ථානයේ පසුවනවා.  

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්.  ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන කී‍්‍රඩක පැට් කමින්ස් ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34