කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැමුණු 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණි.
කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන් හට මෙහිදී විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබීම විශේෂත්වයකි.
සෑම වසරකම අගෝස්තු මාසයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවුණි.
ඒ අනුව 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණේ මාස 05ක පමණ කාලයක ප්‍රමාදයෙන් පසුවය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද විභාගය පැවැත්වුණි.
සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර පෙනී සිට තිබුණි.
ඒ විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදීය.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉතා කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කළ හැකි බවටද ඔහු විශ්වාසය පළ කළේය.




