ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලැබෙන දිනය

කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී  කල්දැමුණු 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණි.

කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන් හට මෙහිදී විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබීම විශේෂත්වයකි.

සෑම වසරකම අගෝස්තු මාසයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවුණි.

ඒ අනුව 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණේ මාස 05ක පමණ කාලයක ප්‍රමාදයෙන් පසුවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද විභාගය පැවැත්වුණි.

සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර පෙනී සිට තිබුණි.

ඒ විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදීය.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉතා කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කළ හැකි බවටද ඔහු විශ්වාසය පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57