AFC Banner
AFC Banner
Empty Ad

ශාෆ්ටර්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම හෙට

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට (01) දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නිවේදනය කළා.

එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව දැනුම් දුන්නා.

මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් අය ද තිබුණේ මෙම විශේෂඥ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණයේ දී සිදුවන්නේ යම් පුද්ගලයෙකු මරණයට හේතු වූ දූෂ්‍යමාන හේතුව අනාවරණය කරගැනීම පමණක් බව සඳහන් කළා.

එවැනි පරීක්ෂණයකදී බාහිර පාර්ශවයන්ට කරුණු දැක්විය හැකි බවට කිසිඳු ප්‍රතිපාදනයක් නීතිය තුළ දක්නට නොමැති බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පැවසුවා.

ඒ, අනුව මේ වන විට කරාපිටිය රෝහලේ රදවා තිබෙන මියගිය ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ඔහුගේ ඥාතීන් වෙත භාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෘත ශරීරය ජාවත්ත සුසාන භූමියේ භූමිදානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත සිය ස්තූතිය පළ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය විශ්වවිද්‍යාල රාජකාරි මධ්‍යයේ අධිකරණ නියෝග මත මෙම විමර්ශනයට සහාය වීම සම්බන්ධයෙන් තම කෘතඥතාවය පුද කරන බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?