ශාෆ්ටර්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම හෙට

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට (01) දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නිවේදනය කළා.

එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව දැනුම් දුන්නා.

මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් අය ද තිබුණේ මෙම විශේෂඥ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණයේ දී සිදුවන්නේ යම් පුද්ගලයෙකු මරණයට හේතු වූ දූෂ්‍යමාන හේතුව අනාවරණය කරගැනීම පමණක් බව සඳහන් කළා.

එවැනි පරීක්ෂණයකදී බාහිර පාර්ශවයන්ට කරුණු දැක්විය හැකි බවට කිසිඳු ප්‍රතිපාදනයක් නීතිය තුළ දක්නට නොමැති බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පැවසුවා.

ඒ, අනුව මේ වන විට කරාපිටිය රෝහලේ රදවා තිබෙන මියගිය ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ඔහුගේ ඥාතීන් වෙත භාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෘත ශරීරය ජාවත්ත සුසාන භූමියේ භූමිදානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙහිදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත සිය ස්තූතිය පළ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය විශ්වවිද්‍යාල රාජකාරි මධ්‍යයේ අධිකරණ නියෝග මත මෙම විමර්ශනයට සහාය වීම සම්බන්ධයෙන් තම කෘතඥතාවය පුද කරන බවත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53