ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
මෙම සැකකරුවන් අද (21) දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ.
මේ අතර ශාන් පුතා නැමැත්තාට ගිනිඅවිය ලබා දුන් බව කියන සැකකාර පොලිස් නිලධාරියා ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1