ඉන්දියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් එරට ජාතික බුද්ධි ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ මොවුන් අත්අඩංගුවට ගැනුණේ, දකුණු ඉන්දියාවේ කර්නාටක ප්රාන්තයේ මැංගලෝර් නුවරදී යි.
ඔවුන් තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළු වූ බවට යි අනාවරණ වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය ජාතික බුද්ධි ආයතනය විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන් නවාතැන් ගෙන සිටි රාමේෂ්වරමේ වෙරළාසන්න ගම්මාන 03කට ගොස් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු මෙම ශ්රී ලාංකිකයින් පිරිස පසුගිය මාර්තු 17 වැනි දා දිවයිනෙන් පිටවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1