ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යලිත් වෙනසක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවන ඇතැයි වාර්තා වනවා. මේ වන විට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි. කෙසේවෙතත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පැවරීමටයි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

ලසිත් මාලිංග මෑතකදී තරග සඳහා සහභාගී නොවීම මෙන්ම පුහුණු විම් සඳහා එක් නොවීමද ඊට හේතු වී තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේදී පාකිස්ථානු කණ්ඩායම තුනට බින්දුවක් ලෙස සිය මව්බිමේදී පරාජයට පත් කළා. තිසර පෙරේරාද විස්සයි විස්ස නායකත්වය සඳහා යෝජනා වුවද ඒ සඳහා ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ වැඩි කැමැත්තක් නොමැති බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංග විස්සයි විස්ස තරග 24කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 07ක් පමණයි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 15ක් පරාජයට පත්ව තිබෙනවා.

තිසර පෙරේරා විස්සයි විස්ස තරග 09කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර එම තරග සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයක්. දසුන් ශානක විස්සයි විස්ස තරග තුනකදී නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනේදී ජයග්‍රහණය කරා මෙහෙය වීම කැපී පෙනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34