ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යලිත් වෙනසක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවන ඇතැයි වාර්තා වනවා. මේ වන විට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි. කෙසේවෙතත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පැවරීමටයි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

ලසිත් මාලිංග මෑතකදී තරග සඳහා සහභාගී නොවීම මෙන්ම පුහුණු විම් සඳහා එක් නොවීමද ඊට හේතු වී තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේදී පාකිස්ථානු කණ්ඩායම තුනට බින්දුවක් ලෙස සිය මව්බිමේදී පරාජයට පත් කළා. තිසර පෙරේරාද විස්සයි විස්ස නායකත්වය සඳහා යෝජනා වුවද ඒ සඳහා ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ වැඩි කැමැත්තක් නොමැති බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංග විස්සයි විස්ස තරග 24කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 07ක් පමණයි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 15ක් පරාජයට පත්ව තිබෙනවා.

තිසර පෙරේරා විස්සයි විස්ස තරග 09කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර එම තරග සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම විශේෂත්වයක්. දසුන් ශානක විස්සයි විස්ස තරග තුනකදී නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනේදී ජයග්‍රහණය කරා මෙහෙය වීම කැපී පෙනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?