AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලයෙකු අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා, අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක 39 හැවිරිදි ඩිල්රුවන් මේ වන විට ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,303 ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.

ඩිල්රුවන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සහ දේශීය ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට ද හිමිකම් කියයි.

ඩිල්රුවන් පසුගිය වසරේ (2021) ජනවාරි මස එංගලන්තයට එරෙහිව ගාල්ලේදී අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි විය.

හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවාගිනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභී පිට දඟ පන්දු යවන්නා වාර්තාවට හිමිකම් කියයි.   

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?