AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අද ඕස්ටේ්‍රලියාව සමඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30ට ආරම්භ වන මෙම තරගයට පසුගියදා ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවති තරගයට එක් නො වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.මේ අතර, ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවති සුපිරි වටයේ තරගයකින් නැමීබියාව ජය ගත්තේ කඩුලු 4කින්.

සුළු ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරඟය ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ මේ වන විට පුර්ණ සුවය ලබා තිබෙනවා.

ඔහු අද ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයේ තේරීම් සඳහා ඇතුළත් ව සිටිනවා.

වාර්තා වන අන්දමට මහිෂ් තීක්ෂණ අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?