ශ්‍රී ලංකාව සහ එංගලන්ත තීරණාත්මක තරගය අද – අවසන් පුර්ව තරගයට යන්න පුලුවන් ක්‍රමය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන තරඟය නොවැම්බර් 1 වැනිදා රාත්‍රි 7.30 ට එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබිහීදීද තරග වදිනු ඇත. ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරඟ දෙකම ජයග්‍රහණය කිරිම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමේ දළ වේගය නොමැතිව අවසන් පුර්ව වටයට යෑමට හැකියාව පවතිනවා. එහීදි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත හා කොදෙව් තරග දෙකම ජයග්‍රහණය කළ යුතු වනවා. එමෙන්ම සෙසු තරඟ වල ප්‍රතිඵල ද පහත අයුරින් සිදු විය යුතුයි. එංගලන්තය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු වනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ඉතා හොඳින් ලකුණු රැස්කිරීම සිදු කර තිබෙන බැවින් පවර්ප්ලේ අවස්ථාවේදී ඔවුන්ට පීඩනය යොමු කරමින් කඩුලු ලබා ගත යුතු බව යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අදහසයි. ඔහු මේ බව ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමගින් මාධ්‍ය හමුවකට එක් වූ පැතුම් නිශ්ශංක කියා සිටියේ පවර්ප්ලේ අවස්ථාවේදී කුසල් සමග එක්ව හැකි තරම් ලකුණු රැස් කරන්න උත්සාහ දරන බවයි. එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160ක් පමණ රැස් කිරීමේ සැලසුමකින් පිටියට පිවිසි බවටද පැතුම් පැවසීය. එසේම එම තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යැවීම ළහිරු කුමාරට භාරදීම ද ඔහු විසින් සාධාරණීකරණය කරන ලදී.

සිය පන්දුවාර 03 ලකුණු 17ක් තුළ අවසන් කර තිබියදී ඒ මොහොතේ ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවාරය යැවීමට සුදුසුම පන්දු යවන්නා ළහිරු කුමාර වූ බව පැතුම් පැවසීය. ‘දකුණු අප්‍රිකා තරගය පරාජය වීම ගැන කණ්ඩායමම කනගාටුවෙන් ඉන්නේ. නමුත් ක්‍රිකට් කියන්නේ ඕක තමයි. බංග්ලාදේශය සමග පැවැති තණතීරුවට වඩා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ තණතීරුව තරමක් වෙනස් එකක්. ඒ නිසා තමයි අවසන් පන්දුවාරය දක්වා තරගය ගියේ’ යැයි පැතුම් වැඩිදුරටත් කීවේය.

ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් තරග දෙකම පරාජයට පත් විය යුතුයි. බංග්ලාදේශය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ යුතුයි. මෙම ආකාරයට දෙවන වටය නිමාවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට දළ ලකුණු ලබා ගැනීමේ වේගය ( NRR ) නොමැතිව සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟින් පැවැත්වෙන මෙම තරඟ ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් වැදගත් වෙනවා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට එම නිසා මෙම තරග ජයග්‍රහණය කිරිමට අවශ්‍ය වේ. ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් වශයෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණයේ දී මෙන්න පරාජයේ දීද කණ්ඩායම අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුයි, හෙට පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?