ශ්‍රී ලංකාවෙත් හතරවන කොවිඩ් රැල්ලක්

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,

“සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වුණ විදියට ම පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවේවත් සිදුවුණේ නෑ. හිතනවා අපි සංචරණ සීමාවල තිබුණ අඩු ලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩුවෙනවා ද කියන එකට. නමුත් අපි දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු අනුව යළි රෝහල් පද්ධතිය, 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීමයි.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?