ජංගම දුරකතනයක් නිසා පියාගේ පහර දීමෙන් දියණියට දිවි අහිමි වෙයි

ඌරගස්මං හන්දිය පොලිස් වසමේ දැල්කඩ, කුඩා ඌරගහා ප්‍රදේශයේදී ඊයේ (30) සවස පියෙක් විසින් කළ පහරදීමක් නිසා වයස අවුරුදු 14ක් වන ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දියණිය ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියදී එය නවතන ලෙසට පියා විසින් දැනුම් දී තිබුණත් දියණිය එය නොසලකා හැරීම නිසා උරණ වූ පියා දියණියට කැත්තකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දියණිය, ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්.

මේ සම්බන්ධයෙන් සැකපිට අදාළ පියා අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය පිළිබද ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් ඌරගස්මං හන්දිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57